වර්ගවාදය අවුළුවන ඇමෙරිකා එක්සත් ජනපදයට , චීනය විවේචනය කිරීමට කිසිදු අයිතියක් නොමැති බව උතුරු කොරියාව අවධාරණය කර සිටී .
චීනය හා හොංකොං රාජ්‍යයන් මුල් කරගනිමින් ඇමෙරිකානු රජය සිදුකරන චෝදනා පදනම් විරහිත බවත් උතුරු කොරියානු පාලක පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර මාධ්‍ය වෙත නිවේදනය කර ඇත.
උතුරු කොරියාව ඉහත නිවේදනය නිකුත් කිරීමට හේතුව වී ඇත්තේ, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ විසින් චීනය ඉලක්ක කර ගනිමින් සිදුකළ විවේචනාත්මක ප්‍රකාශයකි.
ෆොක්ස් නිව්ස් සමඟ අදහස් දක්වමින් පොම්පියෝ ප්‍රකාශ කර තිබුනේ චීන කොමියුනිස්ට් පක්ෂය බටහිර ප්‍රජාතන්ත්‍රවාද, බටහිර සාරධර්ම විනාශ කිරීමේ අභිප්‍රායකින් පෙළෙන බවය.
කෙසේ වෙතත් පොම්පියෝ ගේ මේ ප්‍රකාශය උතුරු කොරියාව දැඩිව විවේචනය කර ඇත .