ආසන ගානට මගීන් ගෙනයාමේ රීති අලුත් වෙයි!

Picture of අසංක

අසංක

දුම්රියවල ආසන ගණනට පමණක් මගීන් රැගෙනයාම ප්‍රායෝගික නොවන බැවින් වැඩි මගීන් ප්‍රමාණයක් ගෙන යා හැකි ක්‍රමවේදයක් කඩිනමින් සකස් කරන බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශය අවධාරණය කර සිටී.

දුම්රියවල ද ආසන ගණනට පමණක් මගීන් රැගෙන යන ලෙස නිර්දේශ කර ඇතත් එය ප්‍රායෝගිකව දුෂ්කර කටයුත්තක් බවත් ඒ අනුව සෞඛ්‍ය අංශ සමග සාකච්ජා කර ඊට විකල්පයක් යොදන බව
අමාත්‍ය මහින්ද අමරවීර මහතා මාධ්‍ය වෙත අද පැවසීය.

දුම්රිය මගීන්ගේ ආරක්‍ෂාව තහවුරු කරන අතරම වැඩි මගීන් ප්‍රමාණයක් ගෙන යා හැකි වැඩපිළිවෙලක් සකස් කිරීමට අමාත්‍යංශයේ අවධානය යොමුව ඇති බවද ඔහු පැවසීය.

කෙසේ වෙතත්බස් රථවල ආසන සංඛ්‍යාවට වඩා මගීන් ප්‍රවාහනය කළහොත් ඔවුන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.