විශ්වයෙන් එන හඳුනා නොගත් විදුලි තරංග වඩා වේගවත් වෙයි

Picture of අසංක

අසංක

 

අභ්‍යවකාශයේ සිට පෘතුවිය කරා පැමිණෙන හඳුනා නොගත් ගුවන් විදුලි තරංග මාළාවක් පිළිබඳව තාරකා විද්‍යාඥයින් මේ වනවිට පර්යේෂණ ආරම්භ කර ඇත

මෙම වේගවත් ගුවන් විදුලි තරංග මාළාවන් FRBs යනුවෙන් හඳුන්වනු ලබන අතර ඒවා යම් කිසි කාල රාමුවක් තුල එක් වරක් පමණක් නිකුත් වනු ලබන මැන්චෙස්ටර් සරසවියේ පර්යේෂකයින් කණ්ඩායමක් සඳහන් කර ඇත

මෙම රේඩියෝ තරංග නිකුත් වීමේ සැබෑ හේතුව කුමක්ද යන්න සම්බන්ධයෙන් විද්‍යාඥයින් මේ දක්වා සොයා ගෙන නොමැත

කෙසේ වුවත් අභ්යවකාශයෙන් නිකුත් වනු ලබන මෙම රේඩියෝ තරංග පළමු වරට 2016 වසරේදී විද්‍යාඥයින් පිරිසක් ග්‍රහණය කරනු ලැබූ අතර .මේ වනවිට එම තරංග යලි වඩාත් වේගවත් ලෙස ලැබෙමින් ඇති බවද වාර්තාවේ