ගල්කිස්සේ වෙරළට ගොඩගැසූ කුණු ගැන සාගර විශ්වවිද්‍යාල පරීක්ෂණයෙන් හෙළි වූ දේ

Picture of අසංක

අසංක

ගල්කිස්ස වෙරළ තීරයේ ඉකුත් දිනවල ගොඩ ගැසුණු කැලි කසළ, කෘතිමව මුහුදට ගෙනවිත් දැමූ ඒවා නොවන බව ශී‍්‍ර ලංකා සාගර විශ්ව විද්‍යාලය සිදුකල පරීක්ෂණයකින් තහවුරු වී ඇත.

ඒ අනුව ජනතාව විසින් ගංගාවලට එකතු කළ කැළිකසළ මුහුදට එක්වී මෙසේ වෙරළට එකතුවී ඇතැයි ශී‍්‍ර ලංකා සාගර විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය නලින් රත්නායක මාධ්‍ය වෙත සඳහන් කර ඇත.

ඊයේ (09) දිනයේ එම වෙරළ තීරය තම විශ්ව විද්‍යාලයේ විශේෂඥ කණ්ඩායමක් විසින් පරීක්ෂාවට ලක් කිරීමේදී මෙය පැහැදිලි වූ බවද මහාචාර්ය නලින් රත්නායක මහතා පැවසීය .

ගල්කිස්ස වෙරල වැලිවලින් පෝෂණයක කර තුබුනද බෑවුම් ප්‍රදේශ නියමිත ආකාරයට සකස් නොමැති හෙයින්මෙසේ කැලිකසල රැඳීම වැඩි වී ඇති බවද ඔහු පැවසීය .

එම කැලිකසල මොරටුව නගර සභාව විසින් මුහුදට එක්කල ඒවා වන බවට පසුගිය දිනවල විවිධ පාර්ශව වෙතින් චෝදනා එල්ලවිය.