නවතම පුවත්

ආදී මානවයා ගැන පැරණිතම සාක්‍ෂියක් ලංකාවෙන්..

අසංක

අසංක

 

අප්‍රිකාවෙන් පිටත ප්‍රදේශයකදී ආදි මානවයා දුනු ඊතල තාක්‍ෂණය භාවිත කළ බවට තහවුරු කල හැකි පැරණිතම සාක්ෂි ශ්‍රී ලංකාවෙන් හමුවී ඇත .

ශ්‍රී ලාංකිකයින් ද ඇතුළු ජාත්‍යන්තර පර්යේෂණ කණ්ඩායමක් විසින් ෆාහියන් ලෙන් ගුහාවෙන් හමුවූ සත්ත්ව ඇටකටු ආශ්‍රිතව සිදු කරන ලද අධ්‍යනයකදී මෙම සාක්ෂි හමුවී ඇත.

මීට වසර 48,000 කට පමණ පෙර ශ්‍රී ලංකාවේ මුල් වැසියන් සත්ත්ව ඇටකටුවලින් මෙවලම් සකස් කර දඬයම් සිදු කර ඇති බව මෙහිදී තහවුරු වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත.

මෙම ප්‍රදේශයේ මිනිස් වාසය සිදුව ඇත්තේ අදියර 04 කදී බවට සොයා ගෙන ඇති අතර වැසි වනාන්තරවල ජිවත්වන වඳුරන් සහ ලේනුන් වැනි වේගයෙන් ගමන් කිරීමට දස්කම් දක්වන සතුන් දඬයම් කිරීමටද මෙරට ආදී මානවයින් සමත්වී ඇති බව මෙහිදී අනාවරණය වී ඇත.

නොයෙල් අමානෝ, ඔෂාන් වෙදගේ, ශිරාන් දැරණියගල , එම්. එම්. පත්මලාල්, නිමල් පෙරේරා, නිකොල් බොයිවින්, මයිකල් ඩී. පෙට්‍රග්ලියා සහ පැට්‍රික් රොබට්ස් යන පළපුරුදු පර්යේෂකයින් කණ්ඩායමක් විසින් මෙම අධ්‍යයනය සිදුකර ඇත.

මීට වසර 20,000 කට පමණ පෙර යුරෝපයේ තිබූ දුනු හා ඊතල තාක්‍ෂණය පිළිබඳ සාක්ෂි අතික්‍රමණය කිරීමක් ලෙස මෙය හැඳින්විය හැකි බවද ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කර ඇත .

පරීක්ෂණ වාර්තාව ?

https://advances.sciencemag.org/content/6/24/eaba3831

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්