කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට රාත්‍රී 10.00 සිට පසුදා පස්වරු 4.00 දක්වා පැය 18 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කර ඇත.
ඒ අනුව කොළඹ 13, 14 සහ 15 ප්‍රදේශවලට මෙසේ හෙට දින ජල සැපයුම අත්හිටවනු ඇත.
එම කාලය තුළ කොළඹ 01, 11 සහ 12 ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බවද ජල සම්පාදන මණ්ඩලය සඳහන් කර සිටී
මහකොළඹ ජල හා අපජල කළමනාකරණ ව්‍යාපෘතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් එලෙස ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.