කොරෝනා අසාදිතයින් හඳුනාගැනීම සඳහා මේ වනවිට ශ්‍රී ලංකාව තුල පී සී ආර් ( PCR )පරීක්ෂණ එක් ලක්ෂ දොලොස් දහසකට අධික සංඛ්‍යාවක් සිදු කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය අනාවරණය කර සිටී .
, එම පරීක්ෂණ හරහා මේ වනවිට කොරෝනා අසාදිතයින් 2069 දෙනෙකු හඳුනා ගෙන ඇති බවද වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුගත් සමරවීර මහතා මාධ්‍ය වෙත පැවසීය
කොරෝනා දෙවන රැල්ලක් ඇතිවීම වැළැක්වීම සඳහා තවදුරටත් ජනතාව ඊට අදාළ සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ යුතු බව ද ඔහු මෙහිදී සඳහන් කළේ ය.
කොරෝනා ආසාදිතයින් 195 දෙනෙකු මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර මේ වනවිට සුවය ලැබු මුළු සංඛ්‍යාව 1863 කි.