4 වැනි පරීක්ෂාවෙනුත් බ්‍රසීල ජනපතිට කොරෝනා ඇතැයි තහවුරු වෙයි

Picture of අසංක

අසංක

බ්‍රසීල ජනාධිපති Jair Bolsonaro හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇත .

බ්‍රසීල ජනාධිපතිවරයා ඊයේ දිනයේදී සිව්වෙනි වතාවට කොරෝනා වෛද්‍ය පරීක්ෂණයට ලක්වූ අතර එහිදී ඔහුට වෛරසය වැලදී ඇති බවට මෙසේ තහවුරු ව ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කර ඇත .

බ්‍රසීලය තුල කොරෝනා වසංගතය ව්‍යාප්තිය පාලනය කිරීමට හා අදාළ සෞඛ්‍ය උපදේශන ක්‍රියාත්මක කිරීමට නිසි පියවර නොගත් බවට බ්‍රසීල ජනාධිපතිවරයා වෙත පසුගිය කාලය තුල දැඩි විවේචන එල්ලවිය .

එසේම කොරෝනා ව්‍යාප්තිය හමුවේ ඔහු හැසිරුණු වගකීම් විටහිත ස්වභාවය සම්භන්ධයෙන්ද දැඩි විවේචන එල්ලවිය

බ්‍රසීල ජනාධිපතිවරයා කිසිදු අවස්ථාවකදී මුඛ ආවරණ නොපැලදී අතර ඔහු ප්‍රසිද්ධ ස්ථානවලට පැමිණෙන විට මුඛ ආවරණ පළදින ලෙස අධිකරණය විසින් මිට සති දෙකකට ඉහතදී නියෝගයක් පවා නිකුත් කරනු ලැබීය .

මිට දින කිහිපයකට පෙරදී ඔහුට කොරෝනා රෝග ලක්ෂණ පහළවී තිබුනත් එය මද උණ ගතියක් යැයි පවසමින් එම තත්ත්වය බැරෑරුම් නොවන බවට හැඟවීමට උත්සහ කළේය .