විදුලි බිල්පත් ගාස්තු ඉහළ යෑම හේතුවෙන් මහජනතාවට දැරීමට සිදු ව ඇති බරෙන් කොටසක් රජය විසින් දැරීමට තීරණය කර ඇත.
මේ හරහා ජනතාවට උපරිම සහනයක් ලබාදීමට රජය කටයුතු කරන බවද අමාත්‍ය මහින්ද අමරවීර මහතා මාධ්‍ය වෙත අද පැවසීය
විදුලි බිල සම්බන්ධව පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩල උපදෙස් පරිදි පත් කරන ලද පංච පුද්ගල කමිටු වාර්තාව අද අමාත්‍ය මණ්ඩලයට යොමු කර ඇති අතර එම වාර්තාවෙන් නිර්දේශිත කරුණුවලින් එහා ගොස් උපරිම සහනයක් මහජනතාවට ලබා දීමට රජය තීරණය කර ඇතැයි මහින්ද අමරවීර අමාත්‍යවරයා මාධ්‍ය වෙත පැවසීය .
කමිටුවේ නිර්දේශ මහා භාණ්ඩාගාරය වෙත යොමු කර ඔවුන්ගේ අදහස් හා නිර්දේශ ලබාගෙන ලබන සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීමට එම යෝජනා ඉදිරිපත් කිරීමට හැකියාව ලැබෙනු ඇතැයිද මෙහිදී ඇමතිවරයා මෙහිදී කියා සිටියේය .