නවතම පුවත්

‘පාස්කු පූර්ව අනතුරු ඇඟවීම ගැන මම දැනගත්තේ මාධ්‍යයෙන්’- මඩකලපුව රාජ්‍ය බුද්ධි ප්‍රධානි

අසංක

අසංක

සහරාන් ප්‍රමුඛ කල්ලිය මඩකලපුව ආශ්‍රිතව සන්නද්ධ වෙමින් තිබියදී, රාජ්‍ය බුද්ධි සේවය විසින් පොලිස්පතිවරයාට යොමු කළ පාස්කු ප්‍රහාරය පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම, මඩකලපුව දිස්ත්‍රික් රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානියාට යොමු කර නැති බව පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්දයෙන් කරුණු සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ හෙළිවිය.

ඒ සම්බන්දයෙන් ඔහුව කිසිවිටකත් රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතා ද දැනුවත් නොකළ බව රාජ්‍ය බුද්ධි සේවයේ මඩකලපුව දිස්ත්‍රික්භාර ප්‍රධානීයා කොමිසම හමුවේ ඊයේ (07) රාත්‍රියේ දීර්ඝ ලෙස ලබාදුන් සාක්ෂියේදී අනාවරණය විය.

සහරාන් ඇතුළු කණ්ඩායමේ ක්‍රියාකාරීත්වයන් පැවැතියේ මඩකලපුව ආශ්‍රිතව ය.

එබැවින් එම පූර්ව අනතුරු ඇගයීම ගැන තමා දැනුවත් වූයේ නම් ප්‍රහාරය වලක්වා ගැනීමට සැළකිය යුතු යමක් කරන්නට තිබුණු බවද ඔහු කොමිසම හමුවේ අවධාරණය කළේය.

ප්‍රහාරයට පෙර පූර්ව අනතුරු ඇඟවීමේ ලිපියක් රාජ්‍ය බුද්ධි සේවය විසින් නිකුත්කර ඇත.

ඒ බව පවා තමා දැනගත්තේ ප්‍රහාරයෙන් පසුව බවත් එය තමා දැන ගන්නේද මාධ්‍යයෙන් බවත් ඔහු සදහන් කළේය. එහෙත් එම ලිපිය තමා දුටුවේ කොමිසමේදී බවද ඔහු සදහන් කළේය.

රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂකවරයා තමාට තොරතුරු දැනුවත් නොකිරීම මගින් කර ඇත්තේ වගකීම් පැහැර හැරීමක් බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි