විදුලි බිලට 25%ක සහනය ලැබෙන අය මෙන්න

Picture of අසංක

අසංක

ඒකක 90 ට වඩා අඩුවෙන් විදුලිය භාවිත කළ විදුලි පාරිභෝගිකයින්ට මාර්තු ,අප්‍රේල් සහ මැයි මාසවල බිල්පත් සඳහා 25% ක ගාස්තු සහනයක් ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

ඔවුන්ට එම ගාස්තු ගෙවීම සඳහා මාස තුනක කාලයක් ලබාදීමටත්, ප්‍රමාදය වෙනුවෙන් දඩ පොලී මුදල් අය නොකිරීමට හා විදුලි විසන්ධි කිරීම් නොකිරීමටත් අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බවත් කැබිනට් ප්‍රකාශක ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද මාධ්‍ය වෙත පැවසීය.

විදුලි පාරිභෝගිකයන්ගේ ඉහළ ගිය විදුලිබිල සම්බන්ධයෙන් දිය හැකි තවත් සහන පිළිබඳ ලබන කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කරන බව ද ඇමැතිවරයා මෙහිදී කීවේය.