ස්ථාවර තැන්පතු පොලිය පහළට

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකා මහ බැංකුව, ප්‍රතිපත්ති පොළී අනුපාත නැවත වරක් පහළ දමා ඇත.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් පොළී අනුපාතය 4.5% දක්වා පහළ දමා ඇතැයි, මහ බැංකුව නිවේදනය කළේ ය.

නිත්‍ය ණය පහසුකම් අනුපාතය පහළ දමා ඇත්තේ, 5.5% ක් දක්වා වන අතර මහ බැංකුවේ මුදල් මණ්ඩලය රැස්වී ගත් තීරණයකට අනූව එලෙස ප්‍රතිපත්ති පොළී අනුපාත පහළ දමා තිබේ.