අත්අඩංගුවට ගෙන සිටින පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අලෙවි කළ මත්කුඩු මිලදී ගත් ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අරඹා තිබේ.
එම ඡවාරම්කරුවන් මේ වනවිටත් ඔවුන් පදිංචි ස්ථාන අතහැර පළාගොස් සැගවී සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වාර්තා වී ඇත.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ගබඩාවක්ද පෙරේදා (09) රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක් කර තිබේ.
එහි තිබී රස පරීක්ෂක කාර්යාලයට ඉදිරිපත් නොකළ මත්කුඩු තොගයක්ද සොයා ගෙන ඇත.
එම මත්කුඩු වලින් කිලෝ 300 කට වැඩි ප්‍රමාණයක් අද (10) රස පරීක්ෂක කාර්යාලයට භාරදී තිබේ.