“මාධ්‍යවේදියා ගැන ආරක්ෂාව පිළිබඳ සැකයක් මතුවුණා”- රංගජීව සමාව ඉල්ලමින් කියයි

Picture of අසංක

අසංක

අලුත්කඩේ උසාවි සංකීර්ණයේ දී මාධ්‍යවේදියෙකුගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධව පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා විසින් අදාළ මාධ්‍යවේදියාගෙන් සමාව ඉල්ලා තිබේ.

 

රංගජීව මහතා පෙන්වා දෙන්නේ මෙම මාධ්‍යවේදියා සම්බන්ධයෙන් තමාට ඇති වූ ආරක්ෂාව සම්බන්ධ සැකයක් මත මෙම සිදුවීම වූ බවයි.

එසේ නැතිනම් මාධ්‍යවේදීන් සමග ගැටුමක් ඇතිකරගැනීමට තමාට කිසිසේත් අවශ්‍ය නැති බව ද ඔහු පෙන්වා දුනි.

නියෝමාල් රංගජීව මහතා විසින් තමන්ට අමානුශික ආකාරයෙන් සැළකු බවට චෝදනා කරමින් ඡායාරූප මාධ්‍යවේදියා විසින් ඊයේ (10) පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මේ පිළිබඳ වැඩබලන පොලිස්පතිවරයාට  අපක්ෂපාතී පරීක්ෂණයක් කරන ලෙසත් මෙම සිදුවීම රජය හෙළාදකින බවත් ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද ප්‍රකාශ කළේය.