නවතම පුවත්

ගම්පහ සණස සංගමයේ හිටපු DGM සහ ලොක්කෝ 5ක් අත්අඩංගුවට

අසංක

අසංක

ගම්පහ දිස්ත්‍රික් සණස සංගමයේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරිය සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ හිටපු සාමාජිකයින් 05 දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ රුපියල් මිලියන 708 කට අධික මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාලව ය.

ගම්පහ, වත්තල, බඩල්ගම, හා කොටදෙණියාව යන ප්‍රදේශවලදී එම සැකකරුවන් ඉකුත් 10 වෙනිදා රාත්‍රිෙය්දී අත්අඩංගුවට ගත් ගෙන ඇත.

පෙරේදා (11) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ඔවුන් ලබන 14 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

රක්ෂිත බන්ධනාගාරගත කළ අධ්‍යක්ෂකවරුන් 05 දෙනාගෙන් දෙදෙනෙක් අධ්‍යක්ෂවරියන් ය.

මෙම මූල්‍ය වංචාව සිදුව ඇත්තේ 2011 වසරේ සිට 2016 දක්වා වූ කාල සීමාව තුළදීය.

සනස සංගමයේ රුපියල් මිලියන 708 කට අධික මුදලක් පුද්ගලික සමාගමකට ලබාදෙමින් මෙම මූල්‍ය වංචාව සිදුකර ඇත.

මේ වන විට එම පුද්ගලික සමාගම බංකොලොත්ව තිබේ.

එම පුද්ගලික සමාගමට සමිතියේ මුදල් ලබාදීමට මෙම සැකකරුවන් අනුමැතිය ලබාදීමෙන් සාපරාධි සාවද්‍ය පරිහරණය, සාපරාධී විශ්වාසය කඩකිරීම හා ඊට අනුබල දීම යන චෝදනාවලට ඔවුන් ලක්ව ඇත.

මෙම සැකකරුවන් වයස අවුරුදු 55, 62, 65, 75 සහ 81 යන වයස්වල පසුවන්නන්ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්