ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය විසින් සංවිධානය කරන ලද සියලු ප්‍රචාරක රැළි තාවකාලිකව නැවැත්වීමට තීරණය තිබේ.
එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ඒ පිළිබඳ සංවිධායකයන් වෙත උපදෙස් ලබා දී ඇත.
ඒ අනුව ලබන 13, 14, 15 දිනවලදී ජනපති හා අගමැති සහභාගී වීමට නියමිත සියලු රැළි අවලංගු කර තිබේ.