නවතම පුවත්

රාජාංගනයේ ප්‍රදේශ තුනක් ලොක්ඩවුන්

අසංක

අසංක

රාජාංගනය ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයෙක් වාර්තා වීමෙන් පසුව එම ප්‍රදේශ හුදකලා කොට සංචරණය සම්පූර්ණයෙන්ම නවතා දැමීමට පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

එම ප්‍රදේශයේ යාය 1,3,5 යන ප්‍රදේශවල සංචරණය සම්පූර්ණයෙන්ම නවතා දමා තිබේ.

කන්දකාඩු අසාදිත පොකුර සම්බන්ධයෙන් සෑහෙන වැඩ කොටසක් අවසන් කර ඇතැයි පැවසූ අනිල් ජාසිංහ මහතා අද සවස මාධ්‍ය හමුවේදී මේ කරුණු ඉදිරිපත් කළේය.

“රෝගීන් හඳුනාගැනීම,ස්පර්ශකයින් හමුදා ගැනීම මෙන්ම නිරෝධායනයට ලක් කිරීම සාර්ථකව සිදු කර තිබෙනවා.

රාජාංගනයේ එම ඥාතියාගේ මළ ගෙදර සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද හරි ආකාරයට තිබුණා නම්, මෙම රෝගීන් සංඛ්‍යාව ඇති නොවන්නට තිබුණා.

මෙම කොවිඩ් රෝගය ලෝකයේ පවතිනවා, ආසියාවේ පවතිනවා, අසල්වැසි රටේ පවතිනවා, එහි තර්ජනය ශ්‍රී ලංකාවට තිබෙනවා. මෙම වෛරසයෙන් බේරීම සඳහා අප විසින් භාවිතයට ගැනුනු ක්‍රියා පිළිවෙත් තදින් ම ක්‍රියාත්මක කළ යුතු වෙනවා. අපට පෙනී යනවා එම තත්ත්වයෙන් ජනතාව ගිලිහී ඇති බව.

කන්දකාඩු පොකුර හරහා ශ්‍රී ලංකාවේ ම එවැනි තත්ත්වයක් ඇතිව නෑ. මෙම තත්ත්වය තිබෙන්නේ යම් කිසි ස්ථාන කීපයකයි. මෙය ප්‍රචරය වන ආකාරයේ තත්ත්වයක් නොවන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළේ ය.”

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා