නවතම පුවත්

රාජාංගනය හා වැලිකන්දට ඡන්ද පත්‍රිකා බෙදීම තාවකාලිකව අත්හිටුවයි

අසංක

අසංක

රාජාංගණය සහ වැලිකන්ද යන ප්‍රදේශවලට ඡන්ද පත්‍රිකා බෙදාහැරීම තාවකාලිකව නවතා දමා තිබේ.

තැපැල්පති රංජිත් ආරියරත්න මහතා අද (14) රජයේ නිල පුවත් සේවයට දන්වා ඇත්තේ මෙම ප්‍රදේශවලින් කොවිඩ් ආසාදිතයින් වාර්තා වීමත් එම ප්‍රදේශවල දැනට සංචරණ සීමා පැනවීමත් හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

නිරෝධායනය වන නිවෙස්වලට ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කොට තිබේ.

සෞඛ්‍ය අංශවල උපදෙස් මත ඉදිරියේ දී නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමට පියවර ගන්නා බවත් ඒ මහතා කියා සිටී.

මෙවර 8000 කට ආසන්න සේවක මණ්ඩලයක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමට යොදවා ඇත.

ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ අවසන් දිනය ලබන 29 වැනිදා ය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා