නවතම පුවත්

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා අද්මිරාල් නිලයට උසස් කෙරේ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අතිගරු ජනාධිපති හා ත්‍රිවිධ හමුදා සේනාධිනායක ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා විසින් නාවික හමුදාධිපති,

වයිස් අද්මිරාල් පියල් ද සිල්වා අද (2020 ජුලි 14) දින සිට ක්‍රියාත්මක වන පරිදි අද්මිරාල් නිලයට උසස් කරන ලදි.

2019 ජනවාරි මස 01 වන දින වයිස් අද්මිරාල් නිලයට උසස් කරමින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ 23 වන

නාවික හමුදාධිපති වශයෙන් රාජකාරී ආරම්භ කරන ලද වයිස් අද්මිරාල් පියල් ද සිල්වා අතිගරු ජනාධිපති හා

ත්‍රිවිධ හමුදා සේනාධිනායක ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා විසින් අද (2020 ජුලි 14) අද්මිරාල් නිලයට උසස් කිරීමෙන් පසු

නාවික හමුදාධිපතිතුමන් හට සම්මාන ආචාරමුරයක් පිරිනමා නාවික හමුදා මූලස්ථානය වෙත පිළිගන්නා ලදි.

1984 වර්ශයේ 12 වන ශිෂ්‍යභට නිලධාරී බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන්

ශ්‍රී ලංකා නාවික හමුදාවට එක්ව නාවික හමුදාව සහ මව්බිම වෙනුවෙන් අනගිභවනීය සේවයක් ඉටු කළ නාවික හමුදාධිපති අද්මිරාල් පියල් ද සිල්වා

වසර 36 කට අධික නාවික හමුදා සේවයෙන් හෙට දින (2020 ජුලි 15) විශ්‍රාම යාමට නියමිතය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා