නවතම පුවත්

නීතිය ක්‍රියාත්මක කළ තරහට ටිපර් රියදුරු පොලිසියේ 3ක් යටකරන් ගිහින් – නිලධාරියකු මරුට

අසංක

අසංක

පොලීසිය සමග උරණ වූ ටිපර් රථ රියදුරකු ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ පොලිස් නිලධාරීන් පිරිසක් ඊයේ (13) රාත්‍රියේ ටිපර් රථයට යට පලාගොස් තිබේ.

එහිදී පොලිස් නිලධාරියෙක් එම ස්ථානයේදීම මියගොස් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් බරපතල ලෙස තුවාල ලබා ඇත. තුවාල ලැබූ නිලධාරීන් දෙදෙනා මාතර රෝහලට ඇතුලක්කර තිබේ.

පොලිස් අණ නොතකා ටිපර් රථයක් ධාවනය කිරීමක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ටිපර් රථ රියැදුරු මෙලෙස උරණ වී ඇත.

මෙය සිදුවී ඇත්තේ හක්මන පොලිස් වසමේ, කෝංගල 13 කණුව පොලිස් මාර්ග බාධකයේ දී ය.

මියගිය පොලිස් කොස්තාපල්වරයා වලස්මුල්ලේ පදිංචි 36 වියැති අයෙකි.

අනෙක් පොලිස් නිලධාරීන් දෙදෙනා පොලිස් සැරයන්වරුන්ය.

කිරින්ද නගරයේ වාහන පරීක්ෂා කිරීමේ රාජකාරි යෙදී සිටි මෙම පොලිස් නිලධාරීන් තිදෙනා මාතර දෙස සිට හක්මන දෙසට ධාවනය වු ටිපර් රථයක් රාත්‍රි නැවැත්වීමට සංඥා කර ඇත.

එවිට පොලිස් අණ නොතකා ටිපර් රථය නොනවත්වා ධාවනය කර ඇති බැවින් මෙම නිලධාරීන් එම අවස්ථාවේ හක්මන දෙසට ඉදිරියෙන් ඇති මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටි නිලධාරීන්ට ඒ බව ගමන් කථන මගින් දැනුවත්කර ටිපර් රථය ලුහුබැද තිබේ.

ඒ අනුව මාතර හක්මන මාර්ගයේ කෝංගල 13 කණුව මාර්ග බාධකයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් එම ටිපර් රථය නවතා පරීක්ෂාකර ඇත. ලොරි රථය ලුහුබැද පැමිණි නිලධාරීන්ද එම අවස්ථාවේදී එම ස්ථානයට පැමිණ තිබෙන බව පොලීසිය සදහන් කරයි.

එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් විසින් අන්තරාදායක ලෙස රිය ධාවනය කිරීම සම්බන්ධයෙන් තාවකාලික රියදුරු බලපත්‍රයක් රියදුරුට නිකුත්කර අවවාද කර ඔහුව මුදාහැර තිබේ.

අනතුරුව හක්මන දෙසට ධාවනය කළ ටිපර් රථය විනාඩි 10කට පමණ පසු මාතර දෙසට අධීක වේගයෙන් පැමිණ මාර්ග බාධකය අසළ රාජකාරි යෙදී සිටි ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ නිලධාරීන් යටකර පලාගොස් ඇත.

පොලිස් නිලධාරීන් යටකර පළාගිය ටිපර් රථය වැලි ප්‍රවාහනයට යොදවා ඇති එකක් බවත් හුංගම සිට වැලි තොගයක් ප්‍රවාහනය කර නැවත හුංගම වෙත යමින් සිටියදී මෙම සිදුවීම වී ඇති බවත් පොලීසිය කියයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්