නවතම පුවත්

අවදානම් කලාපවල වහාම PCR පරීක්ෂණ වැඩි කරන්න – ජනපති උපදෙස්

අසංක

අසංක

කොරෝනා ආසාදිතයන් හඳුනාගත් රාජාංගනය අතුළු සෙසු ස්ථානවල සිදුකෙරෙන PCR පරීක්ෂණ වැඩිකරන ලෙසත් ,කොරෝනා වසංගතය පිළිබඳ අලුත්ම තොරතුරු සහ රජය ගෙනයන ක්‍රියාමාර්ග ගැන ජනතාව දැනුවත් කරන ලෙසත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දී ඇත.

කොරෝනා ආසාධිතයින් හඳුනාගැනීමට අදාළ PCR පරීක්ෂණ අඛණ්ඩව සිදු කරමින් සමාජය තුළ වසංගතය පැතිරයාම අවම මට්ටමේ තබා ගැනීමට පියවර ගන්නා ලෙසද ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර ඇත.

කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරෙන් කොවිඩ් 19 ආසාදිතයන් පිරිසක් හමුවීමත් සමග උද්ගතව ඇති තත්වය විමර්ශනය කරනු පිණිස කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය සමග අද (14) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී ඇත.

කොවිඩ් 19 වසංගතය ලෝකයෙන් තුරන් කරන තෙක් විටින් විට රට තුළ මතු විය හැකි වෛරසය පැතිර යාමේ අවදානම පාලනය කර, ජනතාව රැක ගැනීමේ අභියෝගය ජය ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කර ඇත.

කොවිඩ් වසංගත ව්‍යාප්තියත් සමග ලොව බොහෝ රටවලට පෙර එය මර්දනයට වගකිවයුතු රජයක් ලෙස ඉතා සාර්ථකව පියවර ගත් බවත් එහිදී විවිධ අභියෝගවලට මුහුණදීමට සිදුවූ බවත් ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කර ඇත.

මනා සැලැස්මක් ඇතිව ඒවා එකින් එක ජයගනු ලැබූ බව ද නිරෝධායන කඳවුරු ගැන එදා කිසිදු රටකින් අසන්නට නොලැබුණු අවස්ථාවක එය හඳුන්වා දුන්නේ ශ්‍රී ලංකාවබවද ජනපතිවරයා මෙහිදී පවසා ඇත.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි