දිස්ත්‍රික් 16ක 3000ක් ස්වයං නිරෝධායනයට

Picture of අසංක

අසංක

රට පුරා දිස්ත්‍රික් 16ක පමණ ඇතැම් පිරිස් මේ වන විට ස්වයං නිරෝධායනයට යොමු කර දෙයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

ඒ අනුව එම දිස්ත්‍රික්වල තුන් දහසක් පමණ දෙනා මෙලෙස ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙන බව එම සංගමය පෙන්වා දෙයි.

ගම්පහ, පොලොන්නරුව, ගාල්ල, කොළඹ, රත්නපුර, කුරුණෑගල, කළුතර, යාපනය, මහනුවර, අනුරාධපුර, කෑගල්ල, මොණරාගල, හම්බන්තොට, පුත්තලම, මාතර සහ මාතලේ දිස්ත්‍රික්වල නව කොරෝනා වෛරසය ආසාදිත පොකුරු ආශ්‍රිතයන් මෙලෙස ස්වයං නිරෝධායනයට යොමුකර ඇත.