කොරෝනා නීති කඩන බස් හිමියන්ට වැඩ වරදින ලකුණු

Picture of අසංක

අසංක

සෞඛ්‍ය මාර්ගෝපදේශන කඩවන අයුරින් කටයුතු කරන බස් රථ හිමියන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරියේදී විශේෂ වැඩපිළිවෙලක් සකස් කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව අවධාරණය කර සිටී .

බස් රථවල මගීන් රැගෙන යා හැක්කේ ආසන සංඛ්‍යාවට පමණක් බවත් එම මාර්ගෝපදේශනය කඩකරන බස්රථ හඳුන්ගනීම සඳහා මෙහිදී පියවර ගන්න බවද , ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කර සිටී .

බස් රථවල ගමන් කරන සියලු පුද්ගලයින් මුව ආවරණ පැළඳීම අනිවාර්ය බවද එම කොමිෂන් සභාව අවධාරණය කර ඇත .