නාකොටික් එක්ක මත්කුඩු ජාවාරම් කළ අයෙක් ඉන්දියාවට පලාගිහින්

Picture of අසංක

අසංක

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් සමග එක්ව මත්කුඩු ඡාවාරම මෙහෙයැවූ බව කියන මත්කුඩු ජාවාරම්කරුවෙක් ඉන්දියාවට පළාගොස් තිබේ.

බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී ඇති පරිදි බෝට්ටුවක නැගී ඔහු ඉන්දියාවට පළාගොස් ඇත්තේ මන්නාරම් ප්‍රදේශයෙනි.

ඒ සදහා රුපියල් ලක්ෂ 50 ක පමණ මුදලක් වැයකර ඇත.

මෙම ඡාවාරම්කරු බඩෝවිට පදිංචිකරුවෙකි.

ඔහු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහු පදිංචි නිවස අවස්ථා කිහිපයකදීම පරීක්ෂා කර තිබුණි.

මත්කුඩු ප්‍රවාහනයට යොදාගත් ඔහුට අයත් සුඛෝපභෝගී ජිප් රථයක්ද දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ ය.

අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් විසින් මත්කුඩු අලෙවි කිරීමට භාරදී ඇතැයි පැවසෙන්නේ මෙම ඡාවාරම්කරුටය.