පොලිස් නිලධාරීන් 17කට මාරුවීම්

Picture of අසංක

අසංක

සේවයේ අවශ්‍යතා මත වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් නිලධාරීන් 17 දෙනෙකු මාරුකර යවා තිබේ.

ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි මෙසේ මාරුකර යවාඇත්තේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙක්, පොලිස් අධිකාරිවරයෙක්, සහකාර පොලිස් අධිකාරිවරුන් නව දෙනෙක්, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු සිව් දෙනෙක් සහ පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකි.