මෙරට ලොකුම කොරෝනා පොකුරේ හැමෝටම සුවයි

Picture of අසංක

අසංක

කොරෝනා වෛරසය ආසාදනය වූ වැලිසර නාවික හමුදා කදවුරේ සියළු සාමාජිකයින් මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වාර්තාවේ.

ඒ අනුව වැලිසර නාවික හමුදා කදවුරෙන් වාර්තා වූ කොරෝනා පොකුර අවසන් ව ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කර සිටී.

ශී‍්‍ර ලංකාවෙන් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සහිත කොරෝනා පොකුර ලෙස මෙම වැලිසර නාවික හමුදා පොකුර සැලකෙන අතර නාවික හමුදා සාමාජිකයින් ඇතුළු 906 දෙනෙකු මෙම කොරෝනා පොකුරට අයත් විය.