කුරුණෑගල රාජ සභා මණ්ඩපය සමතලා කිරීම ගැන විමර්ශන අවසන්

Picture of අසංක

අසංක

කුරුණෑගල පිහිටි ඓතිහාසික බුවනෙකබා රාජ සභා මණ්ඩප ගොඩනැඟිල්ල කඩා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්‍ෂණ මේ වනවිට සම්පූර්ණයෙන්ම අවසන් ව ඇති බව වාර්තාවේ.

එම පරීක්ෂණයට අදාළ වාර්තාවද මේ වනවිට සකස් කර අවසන් බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා මාධ්‍ය වෙත පැවසීය.

අග‍්‍රාමාත්‍යවරයා විසින් පත්කරනු ලැබූ පංච පුද්ගල විද්වත් කමිටුවක් මගින් මෙම පර්යේෂණය ක්‍රියාත්මක කල අතර එහි වාර්තාව බොහෝ දුරට අද දිනයේ අග‍්‍රාමාත්‍යවරයා වෙත භාරදෙනු ඇත.