නවතම පුවත්

සහරාන් කල්ලියේ සාරාට ඉන්දියාවට පැනයන්න උදව් කළ අය හෙළිවෙයි

අසංක

අසංක

 

පාස්කු ප්‍රහාරයෙන් පසු දෙවැනි ප්‍රහාරයකට සූදානම්ව සිටියදී සයින්දුමරුදු හී නිවසක් තුළ බෝම්බ පිපිරුම්කින් මරුමුවට පත්වූ 17 දෙනා අතර සිටි මහේන්ද්‍රන් පුලස්තිනි හෙවත් සාරා ජෙස්මින් නැමැති කාන්තාව ධිවර බෝට්ටුවකින් මන්නාරමෙන් ඉන්දියාවට පලායාමට ඇගේ පුංචිගේ සැමියා සහ ඔහුගේ සහෝදරයා අවශ්‍ය පහසුකම් සපයා දී ඇති බව හෙළිවෙයි.

ඒ බව හෙලිවුණේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමට පත්කළ ජනාධිපති කොමිසමේ විමර්ශන අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක අර්ජුන මාහින්කන්ද මහතා ඊයේ (21) කොමිසම හමුවේ සාක්ෂි දෙමින් තමා සොයා ගත් කරුණු සම්බන්ධයෙන් කොමිසම දැනුවත් කිරීමකදීය.

සාරා මියාගොස් නැති බවත් ඇය ඉන්දියාවට පළාගොස් ඇති බවත් හෙළිකර ගන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනපති කොමිසමේ විමර්ශන අංශය විසිනි.

අර්ජුන මාහින්කන්ද මහතා කොමිසම හමුවේ සදහන් කරනු ලැබුවේ ඇයට ඉන්දියාවට පළායාමට අවශ්‍ය කටයුතු සූදානම්කර දුන් දෙදෙනාගෙන් එක් අයෙක් විදෙස්ගතව ඇති බවයි.

අනෙත් පුද්ගලයාව මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරයි.

ඊට අමතරව ඇයට සහය දුන් බව හෙළිවූ කලවංචිකුඩි පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා වන අබුබකර් නැමැත්තාවද අත්අඩංගුවට ගත් බවත් ඔහු කොමිසම හමුවේ සදහන් කළේය.

එසේම ඇය සැගවී සිටි බව කියන නිවාස තුනක්ද හදුනාගත් බවද ඔහු සදහන් කළේය.

ඇයව මාන්කාඩු හීදී දුටු පුද්ගලයෙක් ගැන මෙන්ම ඇයට ඉන්දියාවට පළායාමට සහයදුන් පුද්ගලයින් දෙදෙනෙක් ගැනද තොරතුරුකරු තමාට සදහන් කළේයැයිද මාහින්කන්ද මහතා කොමිසම හමුවේ පැවැසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්