නවතම පුවත්

ලංගම මූල්‍ය අර්බුදයක

අසංක

අසංක

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මුල්‍ය අර්බුදයකට ලක්වීමේ අවදානමක් මතුව ඇති බව එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ.එච් පණ්ඩුක මහතා මාධ්‍ය වෙත අද පැවසීය.

මගී ජනතාව පොදු ප්‍රවාහන සේවය භාවිතය අවම කිරීම හමුවේ මෙම අවදානම මතුව ඇති බවද ඒ මහතා මෙහිදී අනාවරණය කළේය.

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පැනවූ ඇඳිරි නීතියෙන් පසු මේ වනවිට මණ්ඩලයේ දෛනික ආදායම රුපියල් මිලියන 20 කින් පමණ පහත වැටී ඇතැයි ඔහු පෙන්වා දුන්නේය.

මගී ජනතාව පුද්ගලික වාහන මගින් සිය දෛනික අවශ්‍යතා සපුරා ගැනීම බොහෝ සෙයින් ඉහළ යාම මෙම තත්ත්වයට සෘජුව බලපා ඇතැයිද ඔහු සඳහන් කළේය.

පවතින වාතාවරණය සැලකිල්ලට ගෙන කඩිනමින් විකල්ප ආදායම් මාර්ග වෙත යොමු වීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කර ඇති බවද ඒ මහතා මෙහිදී සඳහන් කළේය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා