නවතම පුවත්

සාධාරණ ඡන්දයක් තියන්න ජපානයෙන් ආධාර

අසංක

අසංක

එළඹෙන මැතිවරණය නිදහස් සහ සාධාරණ මහ මැතිවරණයක් ලෙස පැවැත්වීම සඳහා රුපියල් මිලියන 8.5ක ආධාර මුදලක් මෙරටට ලබාදීමට ජපානය පියවර ගෙන ඇත.

ඒ අනුව මහ මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා සහ ඡන්ද හිමියන්ගේ ඡන්ද අයිතිය පිළිබඳ දැණුවත් කිරීමෙි කටයුතු වෙනුවෙන් මෙම මුල්‍යාධාර ලබාදීමට මෙරට ජපාන තානාපති කාර්යාලය පසුගියදා පියවර ගත්තේය.

ප්‍රජාතාන්ත්‍රීකරණයක් තුළින් නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීමෙි ව්‍යාපෘතිය” සඳහා මෙම මුදල ලබාදී ඇති අතර ඊට අදාළ ගිවිසුම සඳහා අත්සන් තැබිම වැඩබලන ජපන් තානාපතිල කිටමුරා ටොෂිහිරෝ මහතා සහ නිදහස් සහ සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරීත්වය හෙවත් පැෆරල් :සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහන හෙටිටිආරචිචි මහතා අතර සිදුකරන ලදී.

කෝවිඩි -19 වැනි ගෝලීය වසංගත තත්වයක් යටතේ වුවද ශ්‍රී ලංකාවෙි ජනතාවට තමන්ගේ ඡන්ද අයිතිය නිදහස් හා සාධාරණව ප්‍රකාශ කිරීමට දිරිගැන්වීමක් මෙම ව්‍යාපෘතිය හරහා ලබා දෙනු ඇති බවත්, කෝවිඩි -19 මර්දනය සඳහා ශ්‍රී ලංකාව ගෙනයන වැඩපිළිවෙලට දක්වන සහයෝගයක් වශයෙන් පැෆරල් සංවිධානයට මෙම මුදල ලබාදෙන බවත් ජපාන තානාපති කාර්යාලය නිවේදනය කර ඇත

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්