නවතම පුවත්

බ්‍රසීලයේ ජනපති ආර්යාවට කොරෝනා

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

බ්‍රසීලයේ ජනාධිපති ආර්යාව මිෂෙල් බොල්සොනාරෝ නව වෛරසය වෛරසය සඳහා ධනාත්මක පරීක්‍ෂණයක් කළ බව එරට රජය නිවේදනය කරයි.

38 හැවිරිදි ජනාධිපති ආර්යාව මේ වනවිට යම් ස්ථාවර මට්ටමක සිටින අතර, ඇය සියලු සෞඛ්‍යාරක්ෂණ ක්‍රමවේද අනුගමනය කරමින් හුදකලාව සිටින බව ජනාධිපති කාර්යාලය කියයි.

බ්‍රසීලයේ ජනාධිපති ජෙයර් බොල්සොනාරෝ මීට පෙර වෛරසය සඳහා ධනාත්මක වී සති කිහිපයක් හුදකලාව සිටි අතර, ඔහු පසුගියදා අවසන් සෘණාත්මක පරීක්ෂණය සමග එය සැමරීම සඳහා නගර පුරා යතුරුපැදියක නැගී ගමන් කළේය.

කෙසේ වෙතත් වෛරසයට සෘණාත්මක වූ පමණින් සමාජ දුරස්ථකරණ නීති අමතක කර ජනාධිපතිවරයා එවැනි මෝඩ හැසිරීමක් පෙන්වීම එරට සෞඛ්‍ය විශේෂඥයන්ගේ දැඩි දෝෂදර්ශනයටද ලක්විය.

මේ වනවිට ලෝකයේ දෙවැනි වැඩිම ආසාදිතයන් සහ මරණ මෙන්ම, ලතින් ඇමෙරිකානු කලාපයේ වැඩිම ආසාදිතයන් සහ මරණ වාර්තා වන බ්‍රසීලයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2,610,102ක් වන අතර, මරණ සංඛ්‍යාව 91,263කි.

 

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා