නවතම පුවත්

අධ්‍යාපන අමාත්‍යාංශයට අයත් සියලුම ස්ථාන මතින් තොර කිරීමේ චක්‍රලේඛයක්

අසංක

අසංක

මත් උවදුර රටින් තුරන් කිරීමේ ජාතික වැඩපිළිවෙළට සමගාමීව පාසල් සහ අධ්‍යාපන අමාත්‍යාංශයට අයත් සියලු ආයතන මතින් තොර පරිශ්‍ර බවට පත්කිරීම සඳහා උපදෙස් ඇතුළත් නව චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇත .

පාසල් තුල මෙන්ම අධ්‍යාපන අමාත්‍යංශයට අයත් ආයතනවල , මත්ද්‍රව්‍ය, මද්‍යසාර, දුම්කොළ ආශ්‍රිත අනෙකුත් නිෂ්පාදන හෝ මත්ද්‍රව්‍ය ආදේශක වශයෙන් යොදාගන්නා සියලු නිෂ්පාදන ප්‍රවර්ධනයට භාවිත කිරීමට හෝ අලෙවියට ඉඩදීම සපුරා වැළැක්වීමට ආයතන ප්‍රධානීන් විසින් මැදිහත්විය යුතු ආකාරය සම්බන්ධයෙන් මෙම චක්‍රලේඛය මගින් උපදෙස් ලබා දී ඇත.

මීට අමතරව මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් පාසල් සිසුන් ඇතුළු ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම, ඒ සඳහා ආයතනික මට්ටමින් සම්බන්ධීකරණ කමිටු පිහිටුවීම ඇතුළු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද මෙම චක්‍රලේඛය මගින් දැනුවත් කර ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා