මෙරට තුළ නීතිවිරෝධී ලෙස උපයන මුදල් අයථා ක්‍රම හරහා ඉන්දියාවට යවන පුද්ගලයකුගේ දෙමටගොඩ නිවසේ තිබී විදේශ හා මෙරට නෝට්ටුවලින් රුපියල් කෝටි 6කට ආසන්න මුදලක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඩොලර් 1,40,000ක් සහ රුපියල් කෝටි 3කට අධික මුදලක් මෙලෙස අත්අඩංගුවට ගැනීමට පොලිසියට අද උදෑසන හැකිවී ඇත.
විමර්ශන කණ්ඩායම්වලට ලද තොරතුරු අනුව දෙමටගොඩ පෙදෙසේ පිහිටි මෙම නිවස වැටලීමේදී මේවා සොයා ගෙන ඇත.
මෙම පුද්ගලයා දීර්ඝ කාලයක් තිස්සේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මුදල් ඔවුන්ගේ විදේශවල සිටින පවුල් වෙත වෙත නීතිවිරෝධී ක්‍රමයට යැවීමේ ජාවාරම කරගෙන ගොස් ඇත.