නවතම පුවත්

කොරෝනා බලපෑම දශක ගණනාවක් ලෝකයට දැනෙයි – WHO

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

නව කොරෝනා වෛරසයේ බලපෑම ඉදිරි දශක ගණනාව තුළ දැනෙනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පවසන්නේ ගෝලීය නව කොරෝනා වෛරසය පැතිරයාම අනාගතයට බොහෝදුරට බලපාන ආකාරයේ ව්‍යසනයක් බවය.

“මේ වසංගතය යනු සියවසකට පසුව ලෝකය මුහුණ දෙන සෞඛ්‍ය අර්බුදයක් වන අතර, එහි ප්‍රතිඵල ඉදිරි දශක ගණනාව තුළ දැනෙනු ඇති” ටෙඩ්‍රොස් ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි කමිටු රැස්වීමකදී පැවසීය.

මෙම වසංගතයෙන් චීනයේ වූහාන් නගරය ආශ්‍රිතව මුලින්ම ඉස්මතුවීමෙන් පසුව මේ වනවිට ලොව පුරා පුද්ගලයින් 677,000කට වැඩි පිරිසකට මරු කැඳවා තිබේ.

එක්සත් ජනපදය, බ්‍රසීලය, මෙක්සිකෝව සහ ඉන්දියාව මෑත සතිවලදී කොවිඩ්-19 රෝගය හේතුවෙන් විශේෂයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇත.

එහි පැතිරීම සීමා කිරීම සඳහා හඳුන්වා දී ඇති අගුලු දැමීමේ සීමාවන් නිසා බොහෝ ආර්ථිකයන්ට පහර වැදී ඇති අතර, බොහෝ කලාප දෙවැනි ආසාදන රැල්ලකට බිය වී සිටියි.

 

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා