නවතම පුවත්

විදෙස් සල්ලි ලක්ෂ 5000ක් මෙරට ගිණුම් 5කට – ජාත්‍යන්තර ජාවාරමක් ගැන එළියට

අසංක

අසංක

විදේශයකින් රුපියල් ලක්ෂ 4660 ක මුදලක් බැරවුණු මෙරට බැංකු ගිණුම් 05 ක හිමිකරුවන් පස් දෙනෙක් පිළිබඳ වැලිකඩ පොලීසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කරයි.

මේ පිළිබඳ අනාවරණය වන්නේ රුපියල් ලක්ෂ 760 ක මුදලක් විදේශයකින් බැරවුණු වව්නියාවේ බැංකු ගිණුම් හිමියෙක් එම මුදල කොළඹ කොටුවේ පිහිටි ප්‍රධාන ශාඛාවෙන් නිදහස් කර ගැනීමට කොළඹට පැමිණ සිටියදී ය.

එහිදී බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයට ලද තොරතුරකට අනුව ඔහු ඇතුළු තිදෙනෙක් ඉකුත් 31 වෙනිදා රාත්‍රීෙය්දී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අතර වව්නියාවේ පදිංචි ගිණුම් හිමියා, ඔහුගේ මිතුරෙක් වන අඹන්පොල පදිංචිකරුවෙක්, පන්නිපිටියේ පදිංචිකරුවෙක් වන සමාගම් ගණකාධිකාරීවරයෙක් සිටී.

වව්නියාවේ පදිංචිකරු වසර 12 ක් කැනඩාවේ සිට මෙරටට පැමිණි අයෙකි.

අඹන්පොල පදිංචිකරු පැමිණ ඇත්තේ වව්නියාවේ පුද්ගලයාගේ සහයටය. ගණකාධිකාරීවරයා සම්බන්ධවී ඇත්තේ අදාල මුදල් බැංකුවෙන් නිදහස් කර ගැනීමට බව හෙළිවී තිබේ.

එතරම් විශාල මුදලක් ඔහුගේ බැංකු ගිණුමට බැරවීම සම්බන්දයෙන් ප්‍රශ්න කිරීමේදී වව්නියාවේ පදිංචිකරු සදහන් කර ඇත්තේ එම මුදල් තමාගේ බැංකු ගිණුමට බැරවන අයුරු තමන් කිසිවක් නොදන්නා බවය.

ඒ සම්බන්ධයෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී පෙනී ගොස් ඇත්තේ මෙය සංවිධානාත්මක ජාත්‍යන්තර ජාවාරමක් බවත් විදෙස් සමාගම්වල බැංකු ගිණුම් හැක්කර ඒ ඔස්සේ මෙම මුදල් බැරවීම් සිදුව ඇති බවය.

එවැනි තවත් ගිණුම් 05 ක තොරතුරු එහිදී අනාවරණය වී ඇත.

එම ගිණුම්වලට බැරවී ඇති මුදල රුපියල් ලක්ෂ 3900 ක් බව පොලීසිය කියයි.

මෙම ජාවාරම පිටුපස බැංකු නිලධාරීන්ද සිටින බවත් මුදල් විවිධ පුද්ගලයින් අතර බෙදී යන බවත් පොලිස් විමර්ශන වලින් පෙනී ගොස් ඇත.

මෙම ජාවාරමට සම්බන්ධ බව කියන බත්තරමුල්ලේ පදිංචිකරුවෙක් ද ඊයේ (01) අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී ඔහු සතුව තිබී පුද්ගලයින් පස් දෙදෙනෙකුගේ බැංකු ගිණුම් පොත් 05 ක් සොයා ගෙන ඇත.

එම බැංකු ගිණුම් පහේද රුපියල් ලක්ෂ 3900 ක මුදලක් තිබේ.

එක් ගිණුමකට බැරවී ඇත්තේ ඇමරිකානු ඩොලර් හාර ලක්ෂ හැට නව දහසක් නවසියයක් බවත් පොලීසිය සදහන් කරයි.

එම ගිණුම් හිමිකරුවන් කවුරුන්දැයි අනාවරණය වී නැත.

මේ පිළිබඳ විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක ය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි