තමා අත්අඩංගුවට ගැනීම වළකන්නැයි කුරුණෑගල නගරාධිපති උසාවියෙන් ඉල්ලයි

Picture of අසංක

අසංක

කුරුණෑගල පෞරාණික රාජ්‍ය සභා මණ්ඩපය කඩා විනාශ කිරීමට අදාළ සිද්ධියක් සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීමට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ වරෙන්තුව අත්හිටුවීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් ගොනුකර ඇත.

මෙම පෙත්සම හෙට දින අභියාචනාධිකරණයේ සලකා බැලීමට නියමිතව ඇත.

තමා අත්අඩංගුවට ගැනීමට අගොස්තු මස 05 වෙනිදා කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ වරෙන්තුව අත්හිටුවීමට නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිට ඇත.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙසට කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා. කුරුණෑගල පොලිස් ස්ථානාධිපතිවරයා, වැඩබලන පොලිස්පතිවරයා, නීතිපතිවරයා ඇතළු පිරිසක් නම් කර ඇත.