නවතම පුවත්

අගමැති මාධ්‍ය ලේකම් ධුරය රොහාන් වැලිවිටට

අසංක

අසංක

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස ප්‍රවීණ මාධ්‍යවේදී රොහාන් වැලිවිට මහතා පත්කර තිබේ.

අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා අතින් රොහාන් වැලිවිට මහතා ඊයේ (18) දින අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

ස්වාධීන රූපවාහිනී සේවයේ වැඩසටහන් කළමනාකාර හා ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ධුරයේ කටයුතු කරනු ලැබූ රොහාන් වැලිවිට මහතා 2000 වර්ෂයේ දී ඉන් ඉවත්ව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය උපදේශක ධුරයට පත්විය.

එවකට ධිවර අමාත්‍යවරයාව සිටි මහින්ද රාජපක්ෂ මහතා පලමු වර විපක්ෂ නායක ධුරය දරන කාලයේ දී ද ඔහුගේ මාධ්‍ය ලේකම්වරයා වූයේ රොහාන් වැලිවිට මහතායි.

2004 වර්ෂයේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම් ලෙස හා 2005 වර්ෂයේ සිට 2015 වර්ෂය තෙක් ජනාධිපති සම්බන්ධීකරණ  ලේකම්වරයා ලෙස කටයුතු කළ ඒ මහතා 2015 සිට විපක්ෂ නායක ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය  ලේකම්වරයා   ලෙසද කටයුතු කරන ලදී.

2019 වසරේ දී පත් වූ නව රජය යටතේ අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානීන්ගේ මාධ්‍ය ලේකම් ලෙස ද කටයුතු කරනු ලැබුවේ රොහාන් වැලිවිට මහතායි.

චිත්‍රපට හා ටෙලිනාට්‍ය ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයකු මෙන්ම ගත් කතුවරයෙකු වන රොහාන් වැලිවිට මහතා පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ කීර්තිමත්  ආදි සිසුවෙකි.

 

samitha
සමිත දුලාන්ගෙන් ලෝක වාර්තාවක්
inflation
උද්ධමනය ඉහළ ගිහින්
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !