ජාත්‍යන්තර ප්‍රමිතියේ විෂය නිර්දේෂයක් ලංකාවටත්

Picture of අසංක

අසංක

අන්තර් ජාතික ප්‍රමිතියෙන් යුත් නව පාසල් විෂය නිර්දේශයක් මෙරටට හඳුන්වා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

මෙම විෂය නිර්දේශය ලෝකයේ නව ප්‍රවණතාවයන්ට ගැලපෙන ලෙස හා ශ්‍රී ලංකාවට උචිත ලෙස සැකසීමටද පියර යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා මාධ්‍ය වෙත පැවසීය.

ඒ අනුව එක ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණිය දක්වා විෂය මාලාව සංශෝධනය කෙරෙනු ඇත.

මෙරට ආර්ථික රටාව,රැකියා වෙළඳපොළ ආදි ක්ෂේත්‍ර රැසක් ආවරණය වන පරිදි නව විෂය නිර්දේශය සකස් කිරීමට නියමිත අතර ඒ සඳහා අදහස් හා යෝජනා ලබා ගැනීම දිස්ත්‍රික් මට්ටමින් සිදු කිරීමටද සැලසුම් කර ඇත.