ශ්‍රී ලංකාවේ 12 වැනි කොරෝනා මරණය වාර්තා වී තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ කොවිඩ්-19 ආසාදිතයෙකු බවට හඳුනාගෙන තිබු ඉන්දියාවේ සිට මෙරටට පැමිණි 47 හැවිරිදි කාන්තාවකි.
කොළඹ අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර දී අදාළ කාන්තාව මියගොස් ඇත.
මියගිය කාන්තාව පිළිකා රෝගයෙන් පෙළුණු අයෙක් වන අතර හදවත් රෝග ලක්ෂණ ද පෙන්නුම් කළ අයෙකු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

