නවතම පුවත්

දැඩි වියලි කාලගුණික තත්වය සැප්තැම්බර් දෙවැනි සතිය දක්වා

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මේ දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින වියළි කාලගුණ තත්ත්වය සැප්තැම්බර් මස දෙවැනි සතිය දක්වා පැවතිය හැකි බවත්, එහෙත් සමහර ප්‍රදේශවලට උදෑසන කාලයේ සිහින් වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සැප්තැම්බර් දෙවැනි සතියෙන් පසු සැලකිය යුතු වැසි තත්ත්වයන් බලාපොරොත්තු වන බවද එම දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා සඳහන් කළේය.

බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට අද (24දා) දිනයේදී සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
උතුර, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට සුළඟේ වේගය පැයට කිලෝමීටර් හතළිහ දක්වා ඉහළ යා හැකි බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
පවතින වියළි කාලගුණ තත්ත්වය නිසා කුරුණෑගල, මඩකලපුව, ත්‍රිකුණාමලය, හම්බන්තොට, පොළොන්නරුව, මුලතිව්, යාපනය, කිලිනොච්චිය, මන්නාරම, වවුනියාව දිස්ත්‍රික්කවල පවුල් හැටපන්දහස්  නවසිය හැට හතරකට අයත් පුද්ගලයන් 219,900ක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා