Covid-19 හෙවත් කොරෝනා වෛරසයට එරෙහි සාර්ථක එන්නතක් මෙම වසර අවසාන වීමට පෙර සොයාගැනීමට තම රටටද හැකිවනු ඇතැයි ඉන්දියාව අනාවරණය කර සිටී.
ඉන්දියාව දැනටමත් කොරෝනාවට එරෙහි එන්නතක් නිපදවා ඇති අතර එහි තුන්වන අදියරේ සායනික අත්හදා බැලීම් මේ වනවිට සිදුකෙරෙන බව එරට සෞඛ්‍ය හා පවුල් සුභසාධන අමාත්‍ය හර්ෂ් වර්ධාන් මහතා මාධ්‍ය වෙත පවසා ඇත.
ඒ අනුව මෙම වසර අවසන් වන විට එන්නත නිපදවීමේ කටයුතු සාර්ථකවනු ඇති බවට ඔහු විශ්වාසය පළකර තිබෙ
මේ වන විට මෙම වෛරසය ව්‍යාප්තිය නිසා ඉන්දියාව ද විශාල සෞඛ්‍ය අර්බුදයකට ලක්ව සිටින අතර කොරෝනා වෛරසය ආසාදනය වූවන් මිලියන 03 ඉක්මවා තිබේ.