ප්ලාස්ටික් – ඇලුමිනියම් භාණ්ඩ ආනයනය නතර කිරීමේ සූදානමක්

Picture of අසංක

අසංක

ප්ලාස්ටික් හා ඇලුමිනියම් භාණ්ඩ ආනයනය සම්පූර්ණයෙන්ම නතර කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කර සිටී.

විශේෂයෙන්ම පරිසරයට අහිතකර ප්ලාස්ටික් වර්ග හා විවිධ භාණ්ඩ මෙරටට ගෙන්වීම තහනම් කිරීමටද අදාළ පියවර ගන්නා බව අමාත්‍යවරයා අද දින මාධ්‍ය වෙත සඳහන් කළේය.

එසේම පිඟන් මැටි ආනයනයද සීමා කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසීය

ඒ අනුව දේශීය අමුද්‍රව්‍ය යොගා පරිසර හිතකාමීව නිෂ්පාදනය කරන භාණ්ඩ ප්‍රවර්ධනය කිරීමටද අමාත්‍යංශය කටයුතු කරන බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.