නවතම පුවත්

මුළුතැන්ගෙයි උපකරණ කිහිපයකට ආනයන සීමා

අසංක

අසංක

මෙරට ජනතාව භාවිත කරන මුලූතැන්ගෙයි සහ ගෘහ උපකරන කිහිපයක් විදේශයන්ගෙන් මෙරටට ගෙන්වීම සීමා කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇත.

ඒ අනුව ට ආහාර සැකසීමට ගන්නා වළං, හට්ටි, මුට්ටි ඇතුළු මැටියෙන් නිර්මාණය කල හැකි භාණ්ඩ පිටරටින් ගෙන්වීම සීමා කිරීමට යෝජනා වී ඇත. එහි ප‍්‍රධාන අරමුණ මෙරට මැටි කර්මාන්තය දියුණු කිරීම වන අතර මෙරට ගෘහ ඒකක සඳහා අවශ්‍ය මැටි භාණ්ඩ කඩිනමින් නිපදවීමට සැලසුම් සකස් කිරීමටද රජය සැලසුම් කර ඇත.

කොස්ස, ඉදල, මේස, පුටු ඇතුළු ප්ලාස්ටික ගෘහ භාණ්ඩ වෙනුවට මෙරට නිෂ්පාදිත ලී භාණ්ඩ ප‍්‍රචලිත කිරීමේ වැඩපිළිවලක්ද සකස් කර ඇති අතර ඒ සඳහා විශේෂිත ආයතනයක්ද පිහිටුවීමට නියමිතය. එමෙන්ම දරුවන් ඉතිරි කිරීමට හුරු කිරීම වෙනුවෙන් බැංකුවලින් ලබා දෙන ප්ලාස්ටික කැට වෙනුවට මැටි කැට ලබා දීම කෙරෙහිද විශේෂ අවධානයක් යොමුව තිබේ.

වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ගෘහ කර්මාන්ත ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය හරහා මෙම වැඩපිළිවෙල දියත් කිරීමටද සැලසුම් කර ඇත.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි