නවතම පුවත්

පලාලි එයාර්පෝට් එක හදන්න ඉන්දියාවත් එයි

අසංක

අසංක

ඉන්දීය රජය සමග එක්ව යාපනය පළාලි ගුවන් තොටුපළ සංවර්ධනය කිරීම සඳහා රජය සූදානම් වේ.

ඊට අදාළ අවබෝධතා ගිවිසුම මේ වනවිට කෙටුම්පත් කර අවසන් කර ඇති අතර ඉදිරි සති දෙක තුළ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව ප්‍රසන්න රණතුංග අමත්‍යවරයා සඳහන් කළේය

මෙරට ඉන්දීය මහකොමසාරිවරයා සමග සංචාරක අමාත්‍යාංශයේ පැවති විශේෂ සාකච්ඡාවකදී අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මේ බව අනාවරණය කර සිටියේය.

අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ විගස දෙපාර්ශවය අතර අවබෝධතා ගිවිසුමට අත්සන් තබා පලාලි ගුවන්තොටුපළ සංවර්ධන කටයුතු ආරම්භ කරන බවද අමත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

යාපනය පළාලි ගුවන් තොටුපළ සංවර්ධනය කිරීම සදහා ඉන්දීය රජය මෙරටට රුපියල් මිලියන 300 ක ප‍්‍රදානයක් ලබාදීමට එකඟතාවය පළ කර තිබෙ.

ඒ යටතේ පැමිණීමේ සහ පිටත්වීමේ ගුවන් මගී හෝ ගුවන් මලූ මෙහෙයුම් කටයුතු සඳහා සරල මෙහෙයුම් පද්ධතියක් ස්ථානගත කිරීමට මෙන්ම මගී පර්යන්තය පුළුල් කිරීමට ද නියමිතය.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි