හොරපාරෙන් ගෙනා කහ කිලෝ 1000ක් අත්අඩංගුවට

Picture of අසංක

අසංක

කල්පිටිය  ප්‍රදේශයේ තීරු තීරුබදු රහිතව ආනයනය කළ බවට සැක සහිත කහ කැබලි කිලෝ 998 ක තොගයක් කුඩා ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මෙම ලොරි රථය අත්අඩංගුවට ගැනීමට යාමේදී යාමේදී රියදුරු එය දමා පලා ගොස් ඇත.

අත්අඩංගුවට ගත් කහ තොගය කල්පිටිය පොලීසියට ඉදිරිපත් කර තිබේ.

මෙම කහ තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් නීතිවිරෝධී ලෙස ගෙන එන්නට ඇතැයි සැක කෙරේ .

පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන ක්‍රියාත්මක ය.