නවතම පුවත්

ඉන්දු -ලංකා ඔන්ලයින් වෙළදාම් ඇරඹෙන ලකුණු

අසංක

අසංක

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථිකමය සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අන්තර්ජාලය හරහා (online ) ව්‍යාපාර ප්‍රවර්ධන වැඩසටහනක් සංවිධානය කිරීමට මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පියවර ගෙන ඇත.

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය , දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීම සහ කොවිඩ්-19 වසංගතයෙන් මතුව තිබෙන අභියෝග සමනය කිරීම සඳහා වන අන්‍යෝන්‍ය උත්සහයන් ශක්තිමත් කිරීම සඳහා ගන්නා ප්‍රයත්නයන්හි කොටසක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මකවිය .

මෙහි පළමු පියවර පසුගියදා , ඉන්දියාවේ, BEML ලිමිටඩ් ආයතනය විසින් පිරිනමනු ලබන නිෂ්පාදන සම්බන්ධයෙන් වන ඉදිරිපත් කිරීමක්ද සමග පැවැත්වුණු අතර මෙහිදී සහභාගී වන්නන් හට එකිනෙකා හා සම්බන්ධ වී කටයුතු කිරීමේ අවස්ථාවද සලසා දී තිබිණ.

BEML ලිමිටඩ් ඉන්දියාවේ බහු තාක්ෂණික සහ බහු ස්ථානීය සමාගමක් වන අතර එම සමාගම මැද පෙරදිග, අප්‍රිකාව සහ දකුණු සහ අග්නිදිග ආසියාව ඇතුළු රටවල් 68 කට අධික ප්‍රමාණයකට සිය නිෂ්පාදන සපයා ඇත.

ශ්‍රී ලංකා රජයේ සහ ත්‍රිවිධ හමුදාවේ නියෝජිතයන් සහ විවිධ වාණිජ සහ කර්මාන්ත මණ්ඩල සාමාජිකයන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම අවස්ථාවට සහභාගී වූහ.

ආරක්ෂක උපදේශක කපිතාන් විකාස් සූද් සහ ආර්ථික සහ වාණිජ අංශ ප්‍රධානී ආචාර්ය රාකේෂ් පාණ්ඩේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය නියෝජනය කරමින් මෙම වැඩසටහනට සහභාගී විය.

මෙහිදී, නිලධාරීන් දෙපළම දෙපාර්ශ්වයේ අවශ්‍යතා සහ හැකියාවන් වඩාත් හොඳින් තේරුම් ගෙන ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සබඳතා තවදුරටත් පුළුල් කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළේය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි