නවතම පුවත්

කියුබාවේ කොරෝනා රැල්ල ඉහළ යයි – ඇදිරි නිතියත් ක්‍රියාත්මකයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කියුබාවේ නව කොරෝනා වෛරස වසංගත තත්වය ඉහළ යාමත් සමගම ප්‍රථම වතාවට හවානා  හී වැසියන්ට රාත්‍රී කාලයේ ඇඳිරි නීතිය පැනවීමට කියුබානු බලධාරීන් තීරණය කර තිබේ.

එමෙන්ම හවානා සිට රටේ වෙනත් පළාත්වලට යාමට එහි වැසියන්ට ඉඩ නොදෙන බව හවානා ආණ්ඩුකාර රිනාල්ඩෝ ගාර්ෂියා සපාටා ඊයේ (27දා) නිවේදනය කළේය.

කියුබාවේ පාලක කොමියුනිස්ට් පක්ෂය වසංගත තත්වයේ කෙළවර දක්වා පැමිණ ඇති බව ප්‍රකාශ කිරීමෙන් සති කිහිපයකට පසු හවානාහි දෙවැනි කොවිඩ් -19 රැල්ල පාලනය කිරීමට දැඩි අරගලයක නිරතව සිටින බව විදෙස් වාර්තා පවසයි.

ඒ අනුව රාත්‍රී 7 සිට ඇඳිරි නීතිය අළුයම 5 දක්වා පැනවෙන අතර, එය සැප්තැම්බර් 1 දා ආරම්භ වන අතර අවම වශයෙන් දින 15 ක්වත් පවතිනු ඇති බව කියයි.

එසේම මුඛ ආවරණයක් පැලඳ නොසිටින අයට දඬුවම් වැඩි කරන බවත්, ප්‍රසිද්ධියේ මත්පැන් පානය කිරීම තහනම් කරන බවත් සපාටා පැවසීය.

මිලියන 11ක ජනගහනයක් සිටින කියුබාව මේ වනවිට කොරෝනා වෛරසය ආසාදිතයන් 3,806ක් සහ මරණ 92ක් වාර්තා කර ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.

 

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි