නවතම පුවත්

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය ඔක්තොම්බර් මාසයේ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මේ වසරේ නියමිත 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය,  අ.පො.ස උසස් පෙළ විභාගය මේ එළඹෙන ඔක්තොම්බර් මාසයේ 11  වැනි ඉරිදා දිනයේ පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.

එසේම අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2020 ඔක්තෝබර් 12 වැනි දින සිට 2020 නොවැම්බර් 06 වැනි දින දක්වා පැවැත්වීමටත් තීරණය කර ඇත.

ඒ අනුව, 2020 ඔක්තෝබර් 10 දින සිට 2020 නොවැම්බර් 08 වනදා දක්වා පාසල් නිවාඩු ලබා දෙනු ලැබේ.

තෙවැනි පාසල් වාරය 2020 නොවැම්බර් 09 වැනි දායින් ආරම්භ වන අතර, 2020-දෙසැම්බර් 23 දායින් අවසන් වේ. 2020 වසරේ වාර අවසාන නිවාඩුව දෙසැම්බර් 24 වැනි දා සිට 2021 ජනවාරි 01 දක්වා ක්‍රියාත්මක වේ.

ඒ අනුව, 2021 වසරේ නව පාසල් වාරය ජනවාරි 04 වැනිදායින් ආරම්භ කෙරේ.  2020 වර්ෂය සඳහා නියමිත අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය 2021-01-18 සිට 2021-01-27 දක්වා පැවැත්වේ.

මෙම කාල පරිච්ඡේදය සියලු පාසල් සඳහා විශේෂ නිවාඩුවක් ලෙස ක්‍රියාත්මක වේ. අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සිසුන් සඳහා පමණක් 2021 ජනවාරි 01 දා සිට 2021 ජනවාරි 17 දක්වා අධ්‍යයන නිවාඩු කාලයක් හිමිවේ.  අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව නැවත පාසල් ආරම්භ වන්නේ 2021 පෙබරවාරි 01 දින සිටයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්