පස් නිවුන් ගැහැණු දරු උපතක්

Picture of අසංක

අසංක

කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ දී පස් නිවුන් දරු උපතක් සිදුව තිබේ.

ගම්පහ, පැපිළියාවල ප්‍රදේශයේ 29 හැවිරිදි මවක් විසින් අද උදෑසන මෙම දරුවන් බිහිකර ඇත.

මෙම නිවුන් දරුවන් 5 දෙනාම ගැහැණු දරුවන් ය.

රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ එම දරුවන් මෙන්ම මව ද, නීරෝගී සුවයෙන් පසුවන බවය.