නවතම පුවත්

දිළිඳු පවුල් ලක්ෂයකට රැකියා දීම හෙට සිට

අසංක

අසංක

දිළිඳු පවුල් ලක්ෂයකට රැකියා ලබා දීමේ වැඩපිළිවෙළ හෙට සිට ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇත.

රජය පිහිටුවා ඇති, බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය මගින් අඩුආදායම්ලාභී සහ නිපුණතාවක් රහිත ජන කොටස් ආර්ථීකමය වශයෙන් ශක්තිමත් කිරිම වැඩපිළිවෙළේ අරමුණ බව රජය නිවේදනය කර ඇත

අදාළ වැඩපිළිවෙළ යටතේ, වයස අවුරුදු 18 ත්, 40 ත් අතර වයසේ පසුවන, පහත සුදුසුකම් සම්පූර්ණ කරන පුද්ගලයින් රැකියාලාභීන් ලෙස තෝරා පත් කර ගැනෙනු ඇත

*කිසිදු අධ්‍යාපනයක් නොලද හෝ අධ්‍යන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළට අඩු අධ්‍යාපනික මට්ටමක සිටින නුපුහුණු ශ්‍රමිකයින්.

*සමෘද්ධි සහනාධාරය ලැබීමට සුදුසු එහෙත් රැකියා විරහිත සාමාජිකයෙකු වීම හෝ සමෘද්ධි සහනාධාරය ලබන පවුලක එහෙත් රැකියා විරහිත සාමාජිකයෙකු වීම

*වයස්ගත, රෝගාතුර දෙමාපියන් හෝ ආබාධිත සාමාජිකයින් සිටින පවුලක රැකියා විරහිත සාමාජිකයෙකු වීම

* අයදුම්කරන ප්‍රදේශයේ ස්ථීර පදිංචිකරුවෙකු වීම.

යන සුදුසුකම් සපුරා තිබියු යුතු වේ.

මාස 6 ක අඛණ්ඩ පුහුණවකින් පසු පුහුණුවට අදාළ ක්ෂේත්‍රයෙන් තමන් පදිංචි ප්‍රදේශයේ හෝ ආසන්න ප්‍රදේශයක රැකියාව ලබා දෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය

වසර 10 ක සතුටුදායක අඛණ්ඩ සේවා කාලයක් සපුරාලීමෙන් පසු රජයේ විශ්‍රාම වැටුප් සඳහා හිමිකම් ලැබෙන බව, ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා